Sunday, July 5, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

අපරාධකරුවන්ට ජනපති සමාව නොදෙන බව සජිත් කියයි.!

736Views

තමන් කිසිදු විටක වැරදිවලට නීතියෙන් දඩුවම් ලබන කිසිදු අපරාධකරුවෙකුට ජනාධිපති සමාව ලබා නොදෙන බව ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ ගල්ගමුව ප‍්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 

" මම වගකීමෙන් තමුන්නාන්සේලාට කියනවා, මේ රටේ ජනාධිපතිවරයා හැටියට මම අච්චු කරපු ත්‍රස්තවාදීන්, අච්චු කරපු කුඩු මුදලාලිලා, අච්චු කරපු මිනීමරුවො, අච්චු කරපු ස්ත්‍රී දූෂකයො මම ජීවිතේට මගේ කාලේ තුල නිදහස් කරන්නෑ කියලා කියනවා වගකීමෙනි." යනුවෙනි