Sunday, July 5, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ගෝඨාභය ජය ගන්නා ප්‍රතිශතය බැසිල් පහදයි

4392Views

එළැඹෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිර වශයෙන්ම ජයගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසනවා.

බැසිල් රාජපක්ෂ සඳහන් කරන්නේ ප්‍රතිවාදී අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට වඩා අඩුම තරමින් 10% ක පරතරයකින් ගෝටාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවයි.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සජිත් පේ‍්‍රමදාස මහතා එජාප අපේක්‍ෂකයෙකු ඉතිහාසයේ ගත් අඩුම මනාප ප‍්‍රතිශතය මෙවර වාර්තා කරනු ඇතැයිද ඔහු පැවසුවේය. පලාත් 09න් 07ක් ආසන 120ක් අඩුම වශයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා ජය ගන්නා බවද ඔහු සදහන් කලේය.