ඉදිරි ජනපතිවරණයට අදාල සියලු ප්‍රචාරන කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් වන බවත් මෙම නීති උල්ලංඝනය කර ප්‍රචාරණ කටයුතු වල නිරත වන පිරිස් වීඩියෝ කර ඔවුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.
මේ සඳහා ක්‍රියා කළයුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පොලිස් නිලධාරීන් දැනුවන් කර ඇති බවත් එවැනි ක්‍රියා වීඩියෝ ගත කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ප්‍රතිපාදන ද ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
මෙම නිහඬ කාලය තුළ ප්‍රචාරණ කටයුතු වල නිරත පුද්ගලයන් එම වීඩියෝ දර්ශන මගින් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළා.