Sunday, December 15, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කොමිසමේ ඉල්ලීමක් - 16, 17 දා සියලූ සුරාසැල් වසා තැබේ.!

794Views

ජනපතිවරණය පැවැත්වීම හේතුවෙන් සියලුම සුරාසැල් මේ මස 16දා හා 17දා යන දෙදින තුළ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව මෙම තීරණය ගෙන තිබෙන බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මාධ්‍යයට අදහස් දක්වමින් පවසනවා.

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනපතිවරයා පත් කර ගැනීම වෙනුවෙන් ජනපතිවරණය එළඹෙන 16 පැවැත්වෙන අතර අද සහ හෙට මැතිවරණ නිහඬ කාලයයි.