Saturday, December 14, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඇමරිකාවේ පාසලක 16 හැවිරිදි පාසල් සිසුවෙකු මිතුරන් පස්‌ දෙනෙකුට වෙඩි තබයි

1676Views

ඇමරිකා එක්‌සත් ජනපදයේ දකුණු කැලිෆෝනියාවේ පාසල් සිසුවකු තම පන්තියේ සිසු සිසුවියන් පස්‌ දෙනෙකුට වෙඩි තබා ඔහුද වෙඩි තබාගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවියක හා 14 හැවිරිදි සිසුවකු මියගොස්‌ ඇති අතර තවත් සිසුන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

එසේම Nathaniel Berhow නමැති මෙම වෙඩි තැබීම සිදුකළ පාසල් සිසුවාගේ තත්වයද බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත්  සඳහන් කර තිබුනා.

පාසල ආරම්භ වීමට පෙර මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර සැකකාර පාසල් සිසුවා තම බෑගයේ සඟවාගෙන සිටි පිස්‌තෝලය රැගෙන මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. එසේම  වෙඩි තැබීම අතර තුර පාසල් සිසුන් රැසක්‌ එම ස්‌ථානයෙන් පැනගොස්‌ දිවි ගලවාගෙන ඇති බවද  සඳහන්

කෙසේ නමුත් මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

D.J. Hamburger, a teacher at Saugus High School, comforts a student after the shooting.

People walk away from the school after the shooting Thursday morning.