Sunday, July 5, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

පුත්තලමේ පුද්ගලයෝ මන්නාරමට ඡන්ද දාන්න ගෙනිහින් - අවසර ලබා දුන් බව මැතිවරණ කොමිසම කියයි.!

3397Views

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් පුත්තලමේ පදිංචි පුද්ගලයන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිතා කිරීමට මන්නාරමට ප්‍රවාහනය කළ බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

ඒ සඳහා රිෂාඩ් බදියුදීන් විසින් ශ්‍රී. ලං. ග. ම බස් රථ භාවිතා කර තිබෙන බවද චෝදනා එල්ල වේ. 

එලෙසට රිෂාඩ් බදියුදීන් විසින් ඡන්ද දායකයින් ප්‍රවාහනය ක‍රන අවස්තාවන් යැයි කියමින් දර්ශන සමාජජාලා මාධ්‍ය වලද මේ වනවිට හුවමාරු වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසූවේ  අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඡන්ද දායකයින් ප්‍රවාහනය කළ බවට පැමිණිලි ලැබී ඇති බවත් මෙම නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් වහා අවශ්‍ය පියවර ගතයුතු බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව නෙත් ගොසිප් වෙත අදහස් දැක්වූ මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ කොන්දේසි කිහිපයකට යටත්ව මෙම පුද්ගලයන් මන්නාරමට ප්‍රවාහනය කිරීමට මැතිවරණ කොමිසම අවසර ලබා දුන් බවයි.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,