Saturday, December 14, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ගෝඨා විජයග්‍රහණය කරා ගෙන ගිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියේ ඇත්ත..!

5367Views

ශ්‍රී ලංකාවේ 7වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) වැඩ භාරගත්තේය.

පසුගිය 16 වනදා පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කලේ  වැඩි ඡන්ද ලක්ෂ 13 කට ආසන්න සංඛ්‍යවකිනි.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සම තත්වයේ ඡන්ද ප්‍රමාණයක් ලබා ගනීවි යැයි බොහෝ දෙනා ඉඟි පල කළද කිසිවෙකු නොසිතූ පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රශණයක් ලැබුවේය.

මෙම ජයග්‍රහණය සඳහා හේතු වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ප්‍රධාන මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘති බව දේශාපාලන විචාරකයින්ගේ අදහසයි.

කෙසේ වෙතත්  සුළු මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘති සිදුකළ  ඇතැම් ප්‍රචාරණ ආයතන හා පුද්ගලයින් විසින් එම ජයග්‍රහණයේ අයිතිය තමන්ගේ ගිණුමට බැර කර ගැනීමට උත්සහ කරමින් සිටියි.නමුත් සැබෑ තත්වය එය නොවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන මැතිවරණ ව්‍යාපෘති ක්‍රියාත්මක වූයේ ‘සාර්ථක දැක්මක් - වැඩ කරන රටක්‘ හා ‘විජයග්‍රහණයේ ඇරඹුම‘ යන තේමා යටතේය.මෙම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතීන්හි සියලු සංකල්පයන් හා උපාය මාර්ගයන් රෝහිත රාජපක්ෂ , ජගන ක්‍රිෂ්ණකුමාර් හා මෙවන් ලියනගේ යන අයගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය. එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ සනිදු ෆොන්සේකාය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ තේමා ගීතය වූ ‘වැඩ කරන අපේ විරුවා ‘ යන ගීතයද බොහෝ දෙනාගේ පැසසුමට ලක්වූ නිර්මාණයක් වූ අතර එම ගීතය සංගීතවේදි පසන් ලියනගේ විසින් නාර්මාණය කරන ලද්දක්ය.එම ගීතයට පද රචනයෙන් දායක වී තිබුනේ පසන් ලියනගේගේ මව වන මාලනි ලියනගේ හා රෝහිත රාජපක්ෂයන් වීමද සුවිශේෂි කරුණකි.

මෙම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘති දෙක නොවන්නට ගෝඨාබය රාජපක්ෂ මහතාට මෙවන් විශාල ජයග්‍රහණය ලබා ගත නොහැකිව තිබූ බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.