Sunday, December 15, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

එජාපයේ තනතුරු වෙනස් නොවුනහොත් සජිත් දේශපාලන‍යෙන් ඉවත් වීමට සුදානම්.!

2494Views

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප‍්‍රනාන්දු විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක් අද (20) දහවල්  පැවැත් වුණා. 

එහිදී ධුර අපේක්‍ෂකයෙකු වූ සජිත් පේ‍්‍රමදාසගේ අනාගතය පිළිබදව එහිදී අදහස් පළ වුණා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ එජාපයේ තනතුරු වෙනසක් සිදු නොවුනහොත් දේශපාලනයෙන් සමුගැනීමට සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

 "සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දේශපාලනය කොහොමද තීරණය කරන්නේ කියන එක පෞද්ගලිකව සාකච්ඡා කළා. එක දෙයක් කියන්නම්. දැනට පක්ෂයේ තියෙන තනතුරු කිහිපයක් වෙනස් නොවුණහොත් එතුමා දේශපාලනය කරන්න කැමති නෑ කියන ස්ථාවරයේ තමයි එතුමා ඉන්නේ." යනුවෙන්ද ප්‍රකාශ කළා.