Sunday, December 15, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනපති අපේක්ෂකයෙකුගේ ග්‍රහ අපල දුරු කරන්න මරණ දඬුවම නියම වූ ජාවාරම්කරුවෙකුගෙන් මුදල් ඉල්ලලා - බන්ධනාගාර උසස් නිළධාරියාට ජාවාරම්කරුවෙකුගෙන් ගුවන් ටිකට් පතක්

3543Views

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ප්‍රධාන ධාරාවෙන් තරඟ කළ අපේක්ෂකයෙකු වෙනුවෙන් ඉන්දියාවට ගොස් පුද පූජා පැවැත්විය යුතුබව පවසා මරණ දඬුවමට ලක්ව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් බන්ධනාගාර උසස් නිළධාරියෙකු මුදල් ලබාගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

එම උසස් නිළධාරියා විසින් අදාළ ජනාධිපති අපේක්ෂකයාගේ ග්‍රහ අපද දුරු කිරීමට වියදම් ලෙස ඇමරිකානු ඩොලර් 10,000 ක මුදලක් ඉල්ලා ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.

කෙසේ වෙතත් එම සම්පූර්ණ මුදල ලබා දීම මත්කුඩු ජාවාරම්කරු ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට ඉන්දියාවට යෑම සඳහා ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා අවශ්‍ය මුදල පමණක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ මත්කුඩු ජාවාරම්කරු මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර නඩු කටයුතු සඳහා කොළඹට රැගෙන එන දිනයන්හිදී පමණක් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තැබෙන බවත්, අදාල උසස් නිළධාරියා විසින් එම මත්කුඩු ජාවාරම්කරුවා වැලිකඩ බන්ධනාගාරයේ අඛණ්ඩව රඳවා තැබීමට උත්සාහ කර ඇති බවත් වාර්තා වනවා.

එසේම මේ වනවිට එම උසස් නිළධාරියා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුර ලබා ගැනීමටද විවිධ උපක්‍රම යොදමින් සිටින බවද අනාවරණය වී ඇති අතර ඔහු දේශපාලනඥයින් බහුතරයක් සමඟ සම්බන්ධතා බවත්වන අයෙකු බවටද වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.