Saturday, December 14, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනපති ගෝඨාභයගේ අණටත් එපිටින් බැංකු ලොක්කන් දෙදෙනෙක් විදෙස් සංචාරයක.!

5300Views

රාජ්‍ය ආයතන වල ඉහළ නිළධාරීන් ඇතුලු රජයේ සේවකයන්ට රජයේ වියදමින් විදෙස් සංචාරයන්හි නිරත වීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් වූවා.

ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රජයේ අනවශ්‍ය වියදම් කපා හැරීමේ අරමුණිනි.

කෙසේ වෙතත් එම නියෝග සහ චක්‍රලේඛ නොතකා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි රජයට අනුබද්ධ වාණිජ බැංකුවක සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිළධාරියා රජයේ මුදල් වැය කරමින් විදෙස් ගතවී තිබෙනා බව වාර්තා වෙනවා.

ජනපතිවරයා රජයේ වියදම් අවම කරමින් රට සංවර්ධනය කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටිනා මොහොතක මෙවන් රාජ්‍ය නිළධාරීන් සිය හිතුමතේ නියෝගයන්ටද පිටින් ජනතා මුදල් අවභාවිතා කිරීම අනුමත කළ නොහැකි තත්ත්වයන්ය.

කෙසේ වෙතත් තවමත් නව රජය විසින් බොහෝ රාජ්‍ය ආයතන වලට ප්‍රධානීන් හා සංස්ථා, මණ්ඩල සභාපතිවරුන් පත් කර නොමැති අතර තවමත් බොහෝ රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් ලෙස කටයුතු කරන්නේ පසුගිය රජයෙන් පත් කළ නිළධාරීන්ය.

ඒ වත්මන් රජය විසින් රාජ්‍ය ආයතන වල ප්‍රධාන නිළධාරීන් විද්වත් මඩුල්ලක් හමුවේ සම්මුඛ පරීක්ෂණයකට ලක්කොට පත් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණය නිසාය.