Saturday, December 14, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘ 2/3 බලයක් ලැබුනොත් 19 අහෝසි කරනවා - බහුතර ප්‍රජාවේ කැමැත්තට එරෙහිව කිසිදු දෙයක් කරන්න බැහැ‘‘ ජනපති කියයි

4480Views

පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලැබුනහොත් 19 වෙනි ව්‍යවස්ථා  සංශෝධනය ඉවත් කිරිමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  "ද හින්දු" පුවත්පත සමග සාකච්ජාවකට එක්වෙමින්.

එසේම 13 ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රමයේම කොටසක් බවත්, එහි අඩංගු ඇතැම් කරුණු ක්‍රියාත්මක බවත් පැවසු ජනාධිපතිවරයා එහි එන පොලිස් බලතල ලබාදීම වැනි කරුණු ක්‍රියාත්මක කිරිමට නොහැකි බවත් සඳහන් කළා.  එමෙන්ම ඒ සම්බන්ධයෙන් ගතහැකි වෙනත් ක්‍රියා මාර්ග ගැන තමන් සාකච්ජා කිරිමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කළා.

"රටක් පාලනය කිරිමට ස්ථාවරත්වයක් අවශ්‍යයි. ඉකුත් සිරිසේන-වික්‍රමසිංහ රජයේ එම ස්ථාවරත්වය තිබුනේ නැහැ. ඒකයි ඔවුන් නිතරම එකිනෙකා අතර සටන් කරමින් සිටියේ. එහෙම සටන් කරමින් ඉද්දි රටක් දියුණු කරන්නේ කොහොමද? රටට ආයෝජකයින් පැමිණෙන්නේ නැහැ" 

මේ අතර බලය බෙදා හැරීම පිළිබඳව හෝ දෙමළ ජනතාව බහුතරව ජිවත්වන ප්‍රදේශවල අයිතිවාසිකම් සම්බන්ධයෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සාකච්ජා කරනවාද යන්න සම්බන්ධයෙන් "ද හින්දු" පුවත්පත නැගු ප්‍රශ්නයට පිලිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කළා.

දමිල ජනතාවට යහපත් ජිවිතයක් සහ ඔවුන්ව සංවර්ධනය කිරිම වඩාත් වැදගත්. නිදහස හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනටමත් ප්‍රතිපාදන තිබෙනවා. ධිවර කර්මාන්තය සහ කෘෂි කර්මාන්තය දියුණු කිරිමේන් ඒවායේ ප්‍රතිලාභ ඔවුන්ට සෘජු ලබාගත හැකි ක්‍රමයක් සහ ඔවුන්ගේ රැකියා සම්බන්ධයෙන් සොයා බැලීම සිදුකරනවා. කිසිදු අවස්ථාවක සිංහල ජනතාව කියන්නේ නැහැ ඒ ප්‍රදේශය සංවර්ධනය කරන්න එපා හෝ ඔවුන්ට රැකියා දෙන්න එපා කියලා. 

වසර 70 ක් තිස්සේ පත්වන සියළු නායකයින් එක දෙයක් පොරොන්දු වුනා. ඒ තමයි බලය බෙදා හැරීම. නමුත් අවසානයේ කිසිවක් සිදු වුනේ නැහැ. බහුතර ප්‍රජාවේ කැමැත්තට එරෙහිව කිසිදු දෙයක් කරන්න බැහැ. නමුත් දේශපාලන ප්‍රශ්න වෙනස්. උතුර සහ නැගෙනහිර සම්බන්ධයෙන් මා ගන්නා සංවර්ධන ක්‍රියාමාර්ග ගැන ඔබලාට පුළුවන් තවත් වසර 05 කින් මා ගැන විනිශ්චය කරන්න.