Saturday, December 14, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘අපේක්ෂා රෝහලේ බෙහෙත් නැති එක ගැන කට හොල්ලන්නට එපා‘‘ - හිටපු ඇමති රාජිත දුන් උපදෙසක් ගැන රෝහලේ අධ්‍යක්ෂක කියයි

4873Views

මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් නොමැතිවීම සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මැතිවරණයට පෙර තමාට දැනුම්දුන් බව එම රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ, වෛද්‍ය වසන්ත දිසානායක  පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා විසින් ‘‘රෝහලේ බෙහෙත් නැති එක ගැන කටහොල්ලන්නට එපා” යනුවෙන් තමාට දැනුම්දුන් බවයි රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ.

සෑම සතියකට වරක්ම රෝහලේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30ක ලැයිස්තුවක් වෛද්‍ය සැපයුම් අංශයට යැවීම පිළිබදව උරණ වූ හිටපු අමාත්‍යවරයා තමන්ට මෙලෙස උපදෙස් ලබාදුන්නද, නව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විසින් හිඟ බෙහෙත් පිළිබඳව තමාට වහාම දැනුම් දෙන ලෙස උපදෙස් ලබාදුන් බවයි රෝහල්  අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනේ.
 
තවද මේ වනවිටත් රෝහලේ පවතින ඖෂධ හිඟයට නව සෞඛ්‍ය ඇමැතිවරියගෙන් යටහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත්, ඒ අනුව රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ පිටතින් මිලදීගැනීමට කටයුතු යොදා ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා  එම පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර රෝහලේ වසර 19ක සේවා කාලයක් සපුරා ඇති තමන් මැතිවරණය සමයේ මාරුකර යැවීමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබුණු බවත්, රාජ්‍ය සේවා කොමිසම වෙත අභියානයක් ඉදිරිපත් කර එය වළක්වා ගත් බවත් ප්‍රකාශ කළ රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ හිටපු අමාත්‍යවරයාගේ ඖෂධ වංචාවක් පිළිබඳව ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීම මෙම ස්ථාන මාරුවට හේතුව බවයි.