Saturday, December 14, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හෙට සාමාන්‍ය පෙළ විභාගය ලියන්න සූදානම් පාසල් සිසුවා ඇතුළු සිව් දෙනෙකුට දිවි අහිමි කළ ඛේදවාචකය

2219Views

මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට බලපෑම් එල්ල වී ඇති අතර පවුල් 700කට අයත් පුද්ගලයන් 2200ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. එසේම දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර පවතින අයහපත් කාළගුණික තත්වය නිසා නුවරඑළිය, වලපනේ, මුන්වත්ත, මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ රාත්‍රි 7.30ට පමණ පස් කන්දක් කඩා වැටී සිදුවුනු අනතුරකින් එම නිවසේ සිටි අඹු සැමි යුවලක් සහ දරුවන් දෙදෙනෙක් අතුරුදන් වී තිබුණා.

ඒ අනුව ප්‍රදේශවාසීන්,පොලීසිය සහ නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරින් එක්ව සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ සිරුරු සොයාගෙන ඇති අතර  මෙම අනතුරෙන් මියගොස් තිබුණේ එකම පවුලේ මිත්තණිය, මුත්තණුවන් සහ ඔවුන්ගේ මිණිබිරිය සහ මුණුපුරායි.

අනතුරින් මිය ගිය පිරිස අතර සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙකු හෙට ආරම්භ වීමට නියමිත අ‍.‍පො.ස. සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටිමට නියමිතව සිට තිබෙනවා.