කන්නෙලිය කියලා කියන්නෙ දකුණු පළාතෙ තියෙන සොඳුරුම වන උද්‍යානයක් කියන එක කවුරුත් දන්න දෙයක්. දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ශ්‍රී ලංකාවේ පිහිටි අති සුන්දර භූමිය වන කන්නෙලියට පුංචි සිංහරාජය කියන විරුදාවලියත් ලැබිලා තියෙනවා.
ඒ වගේම සිංහරාජය සහ කන්නෙලිය යා කරලා ඉදිකරන වනාන්තර කොරිඩෝව ගැනත් ඔබ මේ වෙද්දි හොඳින්ම දන්නවනෙ. ඉතිං ඒ වෙනුවෙන් ඔබටත් දායක වෙලා ජාතික වගකීමක කොටස් කරුවෙකු වෙන්නත් ඔබටත් පුළුවන්. ඒ වෙනුවෙන් 072 7 372372 අංකය ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා.
කන්නෙලියේ බොහෝ සුන්දර ස්ථාන, දුර්ලභ ශාක, සතුන් ඔබගේ නෙතට සමීප කරන්නට නෙත් එෆ් එම් සංචාරේ කණ්ඩයම කන්නෙලිය රක්ෂිතයේ කළ සංචාරයයි මේ.