Saturday, December 14, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රුධිරය ලබා ගැනීමකින් තොරව රුධිරයේ ඇති සීනි මට්ටම පරීක්ෂා කළ හැකි උපකරණයක් නිපදවූ සිසුවිය (PHOTO)

2811Views

වවුනියාව සෛවප්‍රකාශ විද්‍යාලයේ 12 වෙනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් විසින් නිර්මාණය කළ ස්වයංක්‍රීයව රුධිරයේ සීනි තත්වය පරීක්ෂ කළ හැකි උපකරණයක් සම්මානයට පාත්‍රවී තිබෙනවා.

රෝහිතා පුෂ්පදේවන් නැමති 17 හැවිරිදි  ශිෂ්‍යාව විසින් නිපදවා ඇති මේ උපකරණය මඟින් සිරුරේ කිසිදු ස්ථානයක් සිදුරු කොට රුධිරය ලබා ගැනීමකින් තොරව පුද්ගලයෙකුගේ රුධිරයේ ඇති සීනි මට්ටම පරීක්ෂා කිරීමට හැකි වීම විශේෂත්වයක්.

එසේම නව විද්‍යාත්මක උපකරණ නිපදවීම සම්බන්ධයෙන් උතුරු පළාත් අධ්‍යාපන බල ප්‍රදේශය තුළ වූ තරගාවලියට මේ උපකරණය ඉදිරිපත් කිරීමෙන් පසුව එයට ප්‍රථම ස්ථානය හිමිවී ඇති අතර ඉදිරියේදී එම උපකරණය ජාතික මට්ටමේ තරගාවලියකට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි එම විද්‍යාලයේ  විදුහල්පතිනිය වන පී.කමලේශ්වරී  ප්‍රකාශ කළේ.

මේ අතර  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ  පරිගණක විද්‍යා අංශයේ සිසුන් විසින්  නිර්මාණය කළ  සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය (Sorting Hat) ආකෘතියේ නව නිපැයුමක් 11 වැනි ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියට ඉදිරිපත් කර ඒ සඳහා පළමු ස්ථානය හිමි වී තිබෙනවා.

ඒ.සී. ගම්මන්පිල, ඒ.පී. විජේසිංහ, ටී.එන්. වන්නිආරච්චි, ඊ.එම්.වී.එන්. අමාජීව, ඩී.වයි.ජයසිංහ සහ පී. රවීන්ද්‍ර, එස්. ද . සිල්වා යන සිසුන් කණ්ඩායම මෙම නව නිපැයුම සඳහා දායක වී තිබෙනවා.

මෙම තොප්පිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ එම විශ්ව විද්‍යාල සිසුන් මෙලෙස ප්‍රකාශ කළා.

"මෙම තොප්පිය සම්පූර්ණයෙන්ම පරිගණක දත්ත ඇසුරින් ක්‍රියාත්මක වෙනවා. මෙම තොප්පිය පැළඳ සිටින අයෙකු අසලට කවුරු හෝ පුද්ගලයකු පැමිණියහොත් ඒ බව මෙම තොප්පිය පැළඳ සිටින පුද්ගලයාට තොප්පිය තුළ සවි කර ඇති සංවේදක මගින් දැනුම් දෙනවා.

ඊට අමතරව "ඔටිසම්" රෝගය වැළඳි ඇති දරුවන් නිතරම සමාජශීලී නැහැ . ඔවුන් අනෙක් දරුවන් සමග කතා කිරීමට බයයි.. අකමැතියි.. එම දරුවන්ට මෙම "ඔටිසම්" රෝගී තත්ත්වය  වැළඳී ඇත්ද නැද්ද යන්න  මුලින්ම අනාවරණය කර ගැනීමට මෙම තොප්පිය සමත් වෙනවා.

එම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් මෙම තොප්පිය පැළඳීමෙන් ඔවුන්ගේ මොළයේ නියුරෝන වෙත යොමු කෙරෙන උත්තේජන මගින් අනෙක් දරුවන් සමග සාමාන්‍ය පරිදි සතුටින් ගත කිරීමට මෙහි ඇති පරිගණක ක්‍රියාකාරීත්වය උපකාර කරනවා."