Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රටම ලස්සන කරන තරුණයන්ගේ වැඩේට රජයෙන් අනුග්‍රහය - රාජ්‍ය ඇමතිගෙන් අපූරූ වැඩක්.!

3520Views

පෝස්ටර්, කටවුට්, බැනර් ආදියෙන් විනාශ කර තිබෙනා අප රට සුන්දර කිරීමේ ව්‍යාපෘතියක් රටේ සෑම ප්‍රදේශයකින්ම ඇරඹී තිබේ.

රට පුරා තරුණ පිරිස් එක්වී එවැනි තාප්ප හා පොදු ස්ථාන පිරිසිදු කර චිත්‍ර වලින් අලංකාර කරනා මෙම වැඩසටහන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පවා ප්‍රශංසාවට ලක්වූ පුවත අප මින්පෙර වාර්තා කළා.

එහිදී එලෙසට අප රට සුන්දර කිරීමට වෙහෙසන තරුණ පිරිසට රජයේ අනුග්‍රහය ලබා දීමට සුදානම් බව මහාමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ පවසනවා.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුනේ 

"ශ්‍රී ලංකාව ලෝකයේ විශාලතම එළිමහන් කලාගාරයක් බවට පත් කිරීමට වෙර දරන සැමට මාගේ ප්‍රනාමය පුදකරන අතර, මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශයට අයත් තෝරා ගත් සුදුසු පැතිබැමි ඇත්නම්, ඔබ එහි ශ්‍රී ලාංකික සංස්කෘතිය, සභ්‍යත්වය සහ ඔබේ ප්‍රදේශයේ අනන්‍යතාවය පිලිබිඹු වන නිර්මාණ සිතුවම් කිරීමට කැමතිනම් මාගේ නිල facebook පිටුවට ඔබේ දුරකතන අංකය සමග අනුමැතිය විමසන්න. අනුමැතිය ලබා දීමට මම සූදානම්." යනුවෙනි.

එම සටහන පහතින්,