Sunday, July 5, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

19 යේ අඩුපාඩු නිවැරදි කරන්න එජාපය සහය දීමට සුදානම්, සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න නොහැකිලු.!

1111Views

පසුගිය රජය විසින් සම්මත කළ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු තිබේ නම් ඒවා නිවැරැදි කිරීමට සහාය දීමට සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා.

නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට සහයෝගය ලබාදීමට සූදානම් නැතැයිද මන්ත්‍රීවරයා පැවසූවා. ඒ ඊයේ දින සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා 

"ආණ්ඩුව කියනවා නම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය රට පාලනය කිරීම සඳහා අවහිරයක් කියලා අපි සූදානම් ඒ මොනවාද කියලා රජයත් එක්ක සාකච්ඡා කරන්න. එහි වෙනස් කරන්න ඕනා මොනවද කියලා සාකච්ඡා කරමු.

ඒත් අපිට එකහෙළාම කියන්න බෑ මේ සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න අපේ සහයෝගය දෙනවා කියලා. රජය යම්කිසි අඩුපාඩුවක් පෙන්නුවොත් ඒ ගැන අවධානය යොමු කරලා අපේ පක්‍ෂයේ අනුමැතියට යටත්ව අපි ක‍්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා." යනුවෙන් ප්‍රකාශ කළා.

More : https://lankamag.com/