Thursday, October 1, 2020
/ - General line - 0115112241 | - [email protected]

සීත සෘතුවේදී සංචාරය කිරීමට සුදුසුම රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි - අමෙරිකානු වෙබ් අඩවියකින් සහතිකයක්

1564Views

සීත සෘතුවේදී සංචාරය කිරීමට සුදුසුම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. ඒ අමෙරිකාවේ usatoday.com වෙබ් අඩවිය විසින්. 

දෙසැම්බර් සහ පෙබරවාරි මාසයන් හිදී ඇතිවන මෙම සිත සෘතුවේදී යුරෝපය ඇතුළු රටවල් රාශියක් අධික ලෙස හිමෙන් වැසි යන අතර බොහෝ විදෙස් සංචාරකයින් සිය නත්තල් නිවාඩුව සහ නව වසර උදාව සැමරීම සඳහා උණුසුම් කාලගුණයක් ඇති රටවල සංචාරය කිරීම සිදුකරනු ලබනවා.

ඒ අනුව සීත සෘතුවේදී උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක නිවාඩුවක් ගත කිරීම සඳහා රටවල් 20 ක් අතුරින් ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට නම් කර ඇති අතර ඉකුත් පාස්කු ප්‍රහාරයෙන් පසුවද සංචාරය සඳහා ලොව හොදම රටක් ලෙස usatoday.com වෙබ් අඩවිය විසින්  ශ්‍රී ලංකාව නම් කර තිබුනා.