Thursday, October 1, 2020
/ - General line - 0115112241 | - [email protected]

නාවික හමුදාවේ සැඟවුනු කතාවක් වීඩියෝවකින් එළියට (VIDEO)

5167Views

ශ්‍රී ලංකා නාවික හමුදා අභිමානවත් 69 වන සංවත්සරය එළඹෙන 09 වෙනිදා සැමරීමට නියමිතව තිබෙනවා.

දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම හමුදාවක් වන නාවික හමුදාව අාරම්භයේ සිට මේ දක්වා රටේ ආරක්ෂාව වෙනුවෙන් දක්වන දායකත්වය පිළිබඳව සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගේම ඇගයීමට ලක්විය යුතු වනවා.

විශේෂයෙන්ම 2006 වසරේ ආරම්භයත් සමග ශ්‍රී ලංකා රජය සහ LTTE සංවිධානය අතර ගැටුම් නැවත උත්සන්න වූ අතර එහිදී ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ LTTE කටයුතු අඩපණ කරමින් නාවික හමුදාව සිය භූමිකාව නියමාකාරයෙන් ප්‍රදර්ශණය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 2006, 2007 සහ 2009 වසර වල ප්‍රධාන පෙලේ මුහුදු සංග්‍රාම කිහිපයක්ම ඇති වුනා.

ඒ අතර නීති විරෝධී ආකාරයෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට ශ්‍රී ලංකාවට භාණ්ඩ ප්‍රවාහන නෞකා මගින් ගෙන එමින් තිබූ අවි ආයුධ තොගයක් අඩංගු නැව් කිහිපයක්ම ප්‍රහාරයට ලක්කොට මුහුදුබත් කිරීම ඇතුළු සිදුවීම් රැසක් කැපී පෙනුනා.

එසේම යුද්ධය අවසන් වීමෙන් අනතුරුවද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විශාල වැඩකොටසක් සිදුකරමින් පවතිනවා. වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ නාවික  හමුදාව විසින් පසුගිය කාල සීමාව පුරාවටම සිදුකළ  මත්ද්‍රව්‍ය වැටලීම්, නීති විරෝධී ධීවර කටයුතු වැටලීම් ඇතුලු සිදුවීම් රැසක් බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වුනා.