Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රජයේ විධායක නිලධාරීන්ට ලබන වසරේ සිට රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් - චක්‍රලේඛය ඉදිරි සතියේදී

4249Views

රජයේ විධායක නිලධාරීන් සඳහා එළඹෙන ජනවාර් 1 වැනි දා සිට රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ඒ සඳහා වන චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බවයි.

තමන්ට විශේෂ දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා පසුගිය සමයේ රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩ වැඩ වර්ජනයක ද නිරත වූ අතර පසුව ඒ සම්බන්ධයෙන් සළකා බලා ඔවුන් සඳහා රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව රජයේ විධායක නිලධාරීන් සඳහා මෙම දීමනාව ලබා දෙන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.