Thursday, October 1, 2020
/ - General line - 0115112241 | - [email protected]

පැහැර ගැනීමට ලක්වු බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැය 05කට පසුව CIDයෙන් පිටව යයි

1420Views

පැහැර ගැනීමට ලක්වු බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීනිය ඊයේ (08) පස්වරුවේදී පැය 05කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ  ප්‍රකාශයක් ලබා දී පිටව ගොස් තිබුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇය සමඟ තානාපති කාර්යාල නිලධාරීන් කිහිප දෙනෙකු සහ ඇයගේ නීතිඥවරුන් දෙදෙනෙකුද ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අසලට පැමිණ තිබූණා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙනතුරු අද (09) දක්වා ඇයට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගයක් නිකුත් කර තිබූ පසුබිමකයි.

කෙසේ වෙතත් මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික නිලධාරිනියක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ප්‍රශ්න කර මුදාහැර ඇතැයි එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තානාපති කාර්යාලයෙන් ලද තොරතුරු සහ විමසා බැලූ තාක්ෂණික සාක්ෂි අතර පරස්පරතාවක් පවතින බවයි.

ඒ අනුව ඇයගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්විස් තානාපති කාර්යාලයේ අවසර ඉල්ලා සිටියත් ඊට ඉඩක් ලබානොදීම හේතුවෙන් එම නිලධාරීන් අධිකරණයට හමුවට ගොස් ඇයට විදෙස්ගතවීම වළක්වාලීම සඳහා නියෝගයක් ඉල්ලා සිටියා.