Thursday, October 1, 2020
/ - General line - 0115112241 | - [email protected]

මැති ඇමැතිවරුන්ටත් VIP පර්යන්තය භාවිතා කළොත් ඩොලර් 1000ක් ගෙවිය යුතුයි - ජනපතිගේ උපදෙස් මත විශේෂ චක‍්‍රලේඛයක්

2087Views

මෙරට දේශපාලන සංස්කෘතියෙහි වෙනසක් ඇති කරමින් පසුගිය දින කිහපය පුරාවටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉතා වැදගත් තීන්දු රැසක් ගනු ලැබුවා. ඒ අතර ජනාධිපති කාර්ය මණ්ඩලය 250 ක් දක්වා අඩු කිරීම, ජනාධිපති සමඟ ගමන් කරන ආරක්ෂක රථවාහන ගණන පහකට සීමා කිරීම ඇතුළු තීරණ කිහිපයක් බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වුනා.

මේ අතර මැති ඇමැතිවරු සාමාන්‍ය මගී පර්යන්තය වෙනුවට ගුවන්තොටුපළේ විඅයිපී පර්යන්තය භාවිතා කරන්නේ නම් ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (9) ප්‍රකාශ කළා. එසේම එය බොහෝ රටවලද පවතින නීතියක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවඑයා මේ බව ප්‍රකාශ කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමන් ඔහු මෙසේද ප්‍රකාශ කළා.

‘‘ජනාධිතිතුමා මේ රටේ  දේශපාලන සංස්කෘතික වෙනසක් ඇති කළා. ජනාධිපති කාර්ය මණ්ඩලය 250 ක් දක්වා අඩු කළා. ජනාධිපති සමඟ ගමන් කරන ආරක්ෂක රථවාහන ගණන පහකට සීමා කළා.

ජනාධිපතිවරයා විදේශ ගත වන විට වීඅයිපි පර්යන්තය භාවිතා නොකර සාමාන්‍ය මිනිසුන් ගමන් ගන්නා පර්යන්තය භාවිතා කරමින් ආදර්ශයක් දුන්නා. ඒ වගේම මේ වන විට මැති ඇමතිවරුන්ටත් ගුවන්තොටුපළට ඇතුළු වීමට හා පිටවිමට සාමාන්‍ය මගී පර්යන්තයම භාවිතා කළ යුතු බවට යම් හෙයකින් වීඅයිපී පර්යන්තය භාවිතා කරන්නේ නම් ඒ සඳහා ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට චක‍්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඇත්තටම ඒක හොඳ දෙයක්. මේක තවත් ගොඩක් රටවල නීතියක්ව පවතිනවා. විදේශීය රාජ්‍ය තාන්ත‍්‍රිකයින් පැමිණෙන විට එය භාවිතා කළ හැකියි. එහෙත් දේශීය විඅයිපිලාට එය භාවිතා කළ හැක්කේ මුදල් ගෙවා පමණයි‘‘