Thursday, October 1, 2020
/ - General line - 0115112241 | - [email protected]

පොහොට්ටුවට උතුරේ ඡන්ද නැතිවුණ හේතුව රෝහිත රාජපක්ෂ පහදයි

3097Views

පසුගිය ජනාධිපතිවරණයේ උතුරේ ඡන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොලැබුනේ ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවය හදුනා නොගත් නිසා බව රෝහිත රාජපක්ෂ මහතා පවසයි.

තම පක්ෂය ඔවුන්ගේ සිත් දිනාගැනීම සඳහා ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගත යුතු බවයි ඔහු අවධාරණය කළේ.

"අපට උතුරේ කවුරුත් ඡන්දෙ දුන්නෙ නෑනෙ. හැබැයි ඡන්දෙ දුන්නෙ නෑ කියන්නෙ ඒ උතුරේ ඉන්න මිනිස්සුන්ගෙ වැරැද්ද නෙවෙයි. මේ අපිම කරගත්ත දෙයක්. අපි උතුරේ ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය දේ හඳුනාගෙන නෑ. එතකොට අපි දැනගන්න ඕනේ උතුරේ ජනතාවගේ අවශ්‍යතාවන් මොනවද, මොනවද මේ කට්ටියට දෙන්න ඕනේ, මේ කට්ටියගේ හිත් දිනාගන්න කියන එක."

රෝහිත රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.