Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බොරු කි‍යූ ශ්‍රියාලතාට වැඩ වරදියි - සේවයෙන් ඉවත් වන්නැයි ස්විස් තානාපති කාර්යාලය දන්වයි.!

14677Views

කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරනා,, පැහැරගැනීමට ලක්වූ බවට චෝදනා එල්ල කර සිටි ශ්‍රියාලතා පෙරේරාට සේවයෙන් තාවකාලිකව ඉවත් වන ලෙස එම තානාපති කාර්යාලය විසින් දැනුම් දී ඇති බව වාර්තාවෙයි.

අදාළ සිදුවීම හේතුවෙන් තානාපති කාර්‍යාලයට ඇතිවී තිබෙන දේශීය හා ජාත්‍යන්තර අපවාදයෙන් ගැලවීම සඳහා එරට ආණ්ඩුවේ උපදෙස් මත මෙම දැනුම්දීම කර ඇතැයිද වාර්තා වේ.

ශ්‍රියාලතා පෙරේරා නොහොත් ගානියා ෆ්‍ර්‍රැන්සිස් විසින් එල්ල කළ චෝදනා අසත්‍ය බව පරීක්ෂණවලදී හෙළිව තිබීම මත ස්විස් රජය පත්ව තිබෙන අපහසුතාවය සමනය කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇත්තේ එරට රජයේ උපදෙස් අනුව බවද වාර්තා වෙයි.

ගානියා ෆ්‍ර්‍රැන්සිස් නාමයෙන් පෙනී සිටිනා ශ්‍රියාලතා පෙරේරා දින තුනක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දුන් අතර ඇයගේ ප්‍රකාශ දැඩි පරස්පර විරෝධි වීම හේතුවෙන් මෙම චෝදනාවේ සත්‍යය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබෙන බවත් වාර්තා වේ.