Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

එංගලන්තයෙන් වරදකරු කළ බ්‍රිගේඩියර් ප්‍රියංකට සාධාරණය - ජනපති ගෝඨාභයගේ ආශිර්වාදයෙන් ඉහළම තනතුරක්.!

5139Views

දෙමළ ඩයස්පෝරා කොටි ත්‍රස්ත ආධාරකරුවන්ට එරෙහි වීම හේතුවෙන් එංගලන්ත අධිකරණයකින් දඬුවම් පැමිණ වූ රණවිරු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට සාධාරණය ඉටු කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව රජය කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

මේ අනුව බ්‍රිගේඩියර්වරයා යුද හමුදාවේ ඉඩම් දේපළ හා භට අධ්‍යක්ෂවරයා ලෙස තනතුරේ පිහිටුවා තිබේ.

එංගලන්තයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරියාව සිටියදී විදෙස් කොටි ඩයස්පෝරාව විසින් කරන ලද විරෝධතාවයකට ඔහු මැදිහත් වූ ආකාරය සම්බන්ධයෙන් වරදකරු කරමින් එංගලන්ත අධිකරණය විසින් දඩ මුදලක් ද නියම කිරීම පසුගිය දිනවල දැඩිව කතාබහට ලක්වුනා.

එවන් තත්වයකදී නව රජය විසින් ඔහුට ඉහළ තනතුරක් ලබා දී ඔහුට සාධාරණය ඉටු කිරීම විශේෂයකි.