Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වසර පහකට පසු අරලිය ගහ මැදුරේ පෝදා ධර්ම දේශනයක්.!

3557Views

උදුවප් පුර පසලොස්වක පොහොය අදට (11) යෙදී තිබෙනවා.

එම පොහොය නිමිති කරගෙන අරලිය ගහ මැදුරේ ධර්ම දේශනාවක් සිදු වූවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ජනපති වූ දින සිට අරලිය මැදුරේ පෝදා ධර්ම දේශනයක් පැවැත්වූ අතර 2015 ජනවාරි අට ජනපතිවරණයෙන් ඔහු පැරදීමත් සමග පත්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ධර්ම දේශනය නවතා දැමූවා.

පසුගිය නොවෙම්බර් 16 ජනපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමත් සමග මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් අරලිය ගහ මැදුරේ දොරටු විවර වූවා.

මේ අනුව අරලිය ගහ මැදුරේ පෝදා ධර්ම දේශනයක් පැවැත්වෙන්නේ වසර පහකට පසු වීම විශේෂත්වයකි.