Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අසත්‍ය ප්‍රචාර වපුරා රට අපහසුතාවයට පත් කිරීමට උත්සාහ දැරූ ශ්‍රියාලතා පෙරේරාට එරෙහිව නීතිය අකුරටම.!

4083Views

පසුගිය දිනවල තමන් පැහැර ගැනීමට ලක් වූවා යැයි චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික ජාතික කාන්තාවක් වන ශ්‍රියාලතා පෙරේරා නොහොත් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් එම චෝදනාව සිදු කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ නව රජය ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කිරීමටත්, ස්විට්සර්ලන්ත දේශපාලන රැකවරණ වීසා ලබා ගැනීමේ අරමුනෙන් බවට හෙළිව තිබෙන බව වාර්තා වේ.

මේ පිළිබඳව රජය පාර්ශවයෙන් අදහස් දක්වමින් විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අදාල කාන්තාව විසින් කරන ලද ප‍්‍රකාශ මුල් පැමිණිල්ල හා සම්පුර්ණයෙන්ම විරුද්ද බවයි.

අමාත්‍ය මහින්ද අමරවීර මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව පැහැරගෙන ගියේ යැයි එල්ලවන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය යයි හෙළිවූ බවයි. දැනට සිදුකරන ලද පරීක්ෂණ අනුව ඒ බව හෙළි වී ඇතැයිද ඔහු කියා සිටියා.

මේ අතර අදාළ කාන්තාව නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැදවා ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

අසත්‍ය චෝදනා කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වනු ඇති බවත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ඉඩක් පවතින බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.