Thursday, October 1, 2020
/ - General line - 0115112241 | - [email protected]

"අලුත් රජයට තුනෙන් දෙකක බලයක් දෙන්න" - හිටපු ජනපති මෛත්‍රී

1679Views

ඉදිරි මහ මැතිවරණයේදී නව රජයට තුනෙන් දෙකක බලයක් ලබාදීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කැපවී කි‍්‍රයා කළයුතු බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (11) දින පැවති ආසන සංවිධායකවරුන්ගේ ප‍්‍රගති සමාලෝචන හමුවේදී හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රට ගොඩනගන වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හිමිවිය යුතු බවයි.

ඒ සදහා සිය පක්‍ෂය කැපවී කි‍්‍රයාකළ යුතු බව මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරුන් හමුවේ ප‍්‍රකාශ කළා.