Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ස්විස් තානාපති නාටකය කවුරු කළත් මෝඩ වැඩක් - මම සම්බන්ධ නෑ" - එජාප හිටපු සංවිධායක බෙවන් පෙරේරා.!

3417Views

ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රියාලතා පෙරේරා නොහොත් ගානියා ෆ්‍රැන්සිස් නම් කාන්තාව සම්බන්ධ කරගෙන නිර්මාණය කළ කුමන්ත‍්‍රණය කවුරුන් සිදු කළද අමනෝඥ ක‍්‍රියාවක් බව තමා පිළිගන්නවා යැයි එක්සත් ජාතික පක්‍ෂ කැලණිය හිටපු සංවිධායක බෙවන් පෙරේරා පවසනවා.

අදාල චෝදනා එල්ල කළ ශ්‍රියාලතා පෙරේරා බෙවන් පෙරේරාගේ ඥාති දියණියක් වන අතර ශ්‍රියාලතා පෙරේරාගේ නියෝජිතයා ලෙසින් ඉදිරිපත් වූයේ බෙවන් පෙරේරාගේ පුත් මංජුල පෙරේරාය.

කෙසේ වෙතත් මෙම සිදුවීමට තමන් සම්බන්ධ නොමැති බවත්, එම පැහැර ගැනීම් චෝදනාව අමනෝඥ ක්‍රියාවක් බවත් පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බෙවන් පෙරේරා පවසනවා.

එම සම්මුඛ සාකච්ඡාව පහතින්,

ප‍්‍රශ්නය – මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාව ඔබේ පුතාගේ බිරිඳ කියා කතාවක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ?

පිළිතුර – මගේ පුතා මාධ්‍යයට කියා තිබෙනවා ඒ කාන්තාව එයාගේ නියෝජිතවරියක් කියලා.

ප‍්‍රශ්නය – එහෙනම් ලොකු සම්බන්ධයක් තියෙනවානේ?

පිළිතුර – කට වැරදිලා කියපු කතාවක්

ප‍්‍රශ්නය – එක්සත් ජාතික පක්‍ෂයේ හැමෝටම කට වරදිනවා. අපි කියන්නේ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව පැහැර ගෙන යෑමේ සිද්ධිය කුමන්ත‍්‍රණයක්.

පිළිතුර – ඔව්. වෙන්ඩ පුළුවන් මේ කුමන්ත‍්‍රණය කවුරු කළත් මහා මෝඩ වැඩක්. හැබැයි මගේ පුතාගේ බිරිඳ එයා නෙමේ. මම මේ පිළිබඳව මාධ්‍ය හමුවක් තියා කියනවා.

ප‍්‍රශ්නය – එතකොට ඔය ප‍්‍රශ්නය තවත් දුරදිග යයි නේද? දැන් ඔය කුමන්ත‍්‍රණය සංවිධානය කළ අය පැත්තකට වෙලා ඉන්නවා. ඔබටයි දැන් මේ මඩ නාගන්න වුණේ.

පිළිතුර – ඒක තමයි මං ඔය කුමන්ත‍්‍රණය මහා මෝඩ වැඩක්