Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රාජිතගේ මාධ්‍ය හමුවට පැමිණි සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට

2561Views

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධාන කළ මාධ්‍ය හමුවකදී සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයින් දෙදෙනා  මහර ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුනේ.

ජනාධිපතිවරණ සමයේදී  එවකට සෞඛ්‍ය අමාත්‍ය ධූරය දැරූ රාජිත සේනාරත්න සංවිධානය කළ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔවුන් දෙදෙනා  ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා

එහිදී එක් අයෙකු  සුදු වෑන් වලින් ගොස් පුද්ගලයින් පැහැර ගැනිම සඳහා රියදුරෙකු ලෙස දායක වූ බවත්, අනෙක් පුද්ගලයා විසින් එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට රත්‍රං තොඟයක් ප්‍රවාහනය කිරිමට තමා දායක වූ බවත් ප්‍රකාශ කර තිබුණා.