Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

නෙත් සම්මාන රාත්‍රියේදී ඇගයීමට ලක්වූ විශිෂ්ඨයින් (PHOTOS)

5827Views

2019 නෙත් එෆ්.එම්.රේඩියෝවේ වාර්ෂික සම්මාන උත්සවය ඊයේ (13) රාත්‍රියේ කොළඹ OZO හෝටලයේදී පැවැත්වුනා. ඒ ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ කළමණාකරණ උපදේශක දීපාල් සූරියාරච්චි ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන්.

ජාතියේ නාලිකාව ලෙස මෙරට සියළු මාධ්‍ය ආයතන වෙත පූර්වාදර්ශයක් ලබා දෙමින් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ නැවුම් වෙනසක් ඇතිකළ නෙත් රේඩියෝවේ දක්ෂයින් අගයමින් උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනු මෙම සම්මාන උළලේ හොඳම සේවකයාට හිමි සම්මානය දිනාගැනීමට නෙත්.එෆ්.එම් වැඩසටහන් අංශයේ තාරක මඩවිටවිතානගේ සමත් වුනා.

එසේම වසරේ හොඳම නායකත්වයට හිමි රන් සම්මාන දෙකක් හිමි වූ අතර ඉංජිනේරු අංශයේ නිලන්ත ප්‍රදීප් සහ ප්‍රවෘත්ති අංශයේ හේමන්ත කහවලගේ එම රන් සම්මාන වලින් පිදුම් ලැබුවා.

වසරේ නැගීඑන සේවකයාට හිමි සම්මානය නෙත්. එෆ්.එම් ආගමික අංශයේ සමීර බණ්ඩාර වීරකෝන් විසින් හිමිකරගත් අතර සුදත් ජයසූරිය රන් සම්මානය හිමිකරගත්තේ ප්‍රවෘත්ති අංශයේ ඩිල්ශාන් සඳකැකුළු මඩවල විසින්.

මීට අමතරව නෙත් එෆ්.එම්.රේඩියෝවේ සියළු අංශ වල දක්ෂයින් ඇගයීමට ලක්වුනේ මෙලෙසින්.

ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශය

චිරාන් දර්මසේන - රන් සම්මානය

තරංග රුක්ෂාන් ජයසේකර - රිදී සම්මානය

චාමිකර බණ්ඩාර - රිදී සම්මානය


ඉංජිනේරු සහ තාක්ෂ

මිලින්ද රැද්‍රීගු - රන් සම්මානය

අමිල ද අල්විස් - රිදී සම්මානය
 

අළෙවි හා ප්‍රවර්ධන අංශය


දසුන් නිර්මාණ - රන් සම්මානය

සනාරී තේනුවර - රිදී සම්මානය
 

My Site - Digital Media

ඉෂාර සුපෙම් මානගේ - රන් සම්මානය

ලක්ෂිත මුදිත් දිල්රුක්ෂන - රිදී සම්මානය

සේවා අංශය - 01 

විරාන් දිසානායක - රිදී සම්මානය

පූර්නිමා රාමනායක - රිදී සම්මානය

සේවා අංශය - 02 

මෛත්‍රී ඒකනායක - රන් සම්මානය

ගාමිණී කළුරත්න - රිදී සම්මානය


වැඩසටහන් හා නිෂ්පාදන අංශය

තාරක මඩවිටවිතානගේ - රන් සම්මානය
කසුනි නානායක්කාර - රිදී සම්මානය


මීට අමතරව හොඳම ඒකකයට හිමි සම්මානය දිනා ගැනීමට ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශය සමත් වුනා