Saturday, August 15, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

අසර්බයිජානයේදී දියණියන් මියගිය පුවත අසා නැන්දණිය ජීවිතක්ෂයට පත්වෙයි - මියගිය තරුණියන් තිදෙනා කඩිනමින් ගෙන්වා ගැනීමට සාකච්ඡා

3887Views

අසර්බයිජානයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පුහුණු පාඨමාලාවක නිරතවෙමින් සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු ගින්නකට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කරනවා.

ඉංග්‍රීසි පුහුණු පාඨමාලාවක් හැදෑරීම සඳහා මෙම සිසුවියන් තිදෙනා මීට මාස හයකට පෙර අසර්බයිජානයේ වෙස්ට් කැස්පියන් පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඇතුළත්ව තිබුණා. බකූ අගනුවර පිහිටි ඔවුන් ඉගෙන ගත් විශ්වවිද්‍යාල  ආසන්නයේම බේයිල් නාගරික සීමාවේ පිහිටි පෞද්ගලික දෙමහල් නිවසක මොවුන් නවාතැන් ගෙන තිබුණා.

මිය ගිය තිදෙනා අතර පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි සහෝදරියන් දෙදෙනෙකුද වන  අතර ඔවුන් අතරින් වැඩිමල් සොහොයුරිය වන මල්ෂා සංදීපනි 23 වැනි වියේ පසු වු අතර ඇයගේ සොහොයුරිය වන තාරුකි අමායා 21 වැනි වියේ පසුවුනා. සිද්ධියෙන් මියගිය අනෙක් සිසුවිය කඩුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි අමෝද්‍යා මදුහංසි නැමැති 25 හැවිරිදි තරුණියක්.

මේ අතර පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි  දරුවන් දෙදෙනාගේ මියයැමේ සිද්ධිය පිළිබඳ දැන ගත් ඔවුන්ගේ නැන්දනිය හෘද්‍යාබාධයක් හේතුවෙන් ඊයේ (10) ජීවිතක්ෂයට පත්වුණා.