Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

විස්සයි 20 නව නායකයා ඇන්ජලෝ මැතිව්ස් ?

2431Views

සිම්බාබ්වේ තරග සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා 20 - 20 කණ්ඩායමේ නායකත්වය පිලිබඳව අවසන් තීරණයකට එළඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති අසන්තාද මෙල් මහතා පවසනවා.

ඒ වත්මන් නායක ලසිත් මාලිංගගේ නායකත්වය පිළිබඳ ඇතිව තිබෙන ගැටලුකාරී තත්වය පිළිබඳ අදහස් දක්වමිනි.

ලසිත් මාලිංගට නායකත්වය අහිමි වූවොත් 20 - 20 කණ්ඩායමේ ස්ථානයක්ද ලබාදීම ගැටලු සහගත බව තේරීම් කමිටු සභාපතිවරයා මීට පෙර කියා තිබුණා.

මේ අතර 20 - 20 කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට ලබාදීමේ සූදානමක් ඇතැයිද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.ඒ දසුන් ශානක දක්ෂතා අතර නොසිටීම හේතුවෙන්.