Saturday, September 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

බන්ධනාගාර නිලධාරීන්ගෙන් රන්ජන්ට අවවාද

6725Views

රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන  පාර්ලිමේන්තු  මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මැගසින් බන්ධනාගාර නිලධාරීන්  අවවාද කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ බන්ධනාගාරය තුළදී ඒ ආඥාපනතට  අනුව හැසිරීමටත්  නිලධාරීන් සමඟ කටයුතු කිරීමේදී එහි  ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසත්ය.

මේ අතර මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීම සඳහා ඊයේ (18)  එහි පැමිණි පිරිසක් ඇද ඇතිරිලි දෙකක් එකට එක් කර සකස් කරන ලද මෙට්ටයක්  වැනි උපකරණයක් ලබා දීමට තැත් කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් විසින් එයද වළක්වා ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඔවුන් ඒවා නැවත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුනේ.

මන්ත්‍රීවරයා මේ වන විට මැගසීන් බන්ධනාගාරයේ ‘ජී‘ වාට්ටුවේ රඳවා ඇති අතර  එළැඹෙන 29 වැනි දින ඔහු යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.