Saturday, September 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

පොලිස් නිලධාරියෙකුගේ අත්වැරදීමකින් හිමි නමක් අපවත් වෙයි

1781Views

පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් හුංගම ප්‍රදේශයේ දී හිමි නමක් අපවත්වී තිබෙනවා. වෑන් රථයේ ගමන් කරමින් සිටි හිමි නමක් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

හුංගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් නතර කිරීමට ලුහුබැද ගොස්  එම යතුරුපැදියේ සිටි පුද්ගලයින් දෙදෙනා සිය භාරයට ගත් අවස්ථාවේදී ඔවුන් පොලීසියෙන් මිදී පලායාමට උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු සතු ගිනි අවියක් ක්‍රියාත්මක වී අසලින් ගමන් කළ වෑන් රථයක සිටි හිමි නමකට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ හිමිනම අඟුණුකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමේ දී අපවත් වී ඇති තතර සිද්ධියෙන් අපවත් වී ඇත්තේ වයස අවුරුදු 21 ක් වු හාතාගල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් බවයි වාර්තා වුනේ.

මේ අතර පලා යෑමට තැත් කළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙරොයින් ජාවාරම්කරුවෙකු බවට ද පොලීසියට තොරතුරු ලැබී  තිබෙනවා.