Saturday, September 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

ISIS අධිකරණ කටයුතු මෙහෙයවූ කිලෝ 254 ක් බර "ජබ්බා ජිහාඩි" අත්අඩංගුවට (PHOTO)

3846Views

ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ පුජකවරෙයක් බව කියන කිලෝග්‍රෑම් 250ක බරකින් යුත් "ජබ්බා ද ජිහාඩි" නම් සැකකරුව ඉරාකයේ විශේෂ ප්‍රහාරක බලකාය විසින් මොසුල් හි පිහිටි නිවසක් තුලදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුව පොලිස් රථයක අසුන් ගැන්වීමට නොහැකි තරම් විශාල වීම නිසා ඔහුව පික්අප් රථයක පසුපස කොටසේ නංවාගෙන රැගෙන යාමට සිදුවු බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුනේ.

ISIS සංවිධානයට පක්ෂ පාතිත්වය නොදක්වන ඉස්ලාමිය පුජකයින් ඝාතනය කිරීමට අණ දීම, තරුණියන් දුෂණය කිරීම සහ පසුව ඔවුන් ලිංගික වහලියන් ලෙස විකිණීමට අණදීම මොහු විසින් සිදුකර ඇති බවද ඉරාක ආරක්ෂක අංශ සඳහන් කරනවා.