Sunday, February 23, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

යාපනය සරසවියේ වෛද්‍ය ශිෂ්‍ය බිරිඳව ඝාතනය කළේ ඇයි ? සෙබළ සැමියා සියල්ල වමාරයි

3943Views

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ ශිෂ්‍යාවක් වූ බේරුවල වලතර බදනගොඩ ප‍්‍රදේශයේ පදිංචි රෝෂිණී කාන්චනා මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා වන යාපනය 662 වැනි බලසේනා මූලස්ථානයේ වෛද්‍ය අංශයේ රාජකාරි කළ ලාන්ස් කෝප‍්‍රල් දිලිප් කුමාර නමැත්තා පෙබරවාරි 6 දා තෙක් රිමාන්ඞ්භාරයේ තබන ලෙස යාපනය මහෙස්ත‍්‍රාත් පීටර් පෝල් මහතා ඊයේ (23 දා) නියෝග කළේය.

යාපනයේ පන්නෙයි ප‍්‍රදේශයේ මුහුද අසල පිහිටි උද්‍යානයකදී වෛද්‍ය ශිෂ්‍යාවට පිහියකින් ඇන මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු යාපනය පොලිසියට අල්ලා දී තිබුණේ ඒ අවට සිටි ජනතාව විසිනි.

සැකකරු පිහියෙන් අනින අවස්ථාවේදී ශිෂ්‍යාව කෑගසා ඇති අතර අවට සිටි ජනතාව ඒ පිළිබඳව විපරම්කොට බැලීමේදී සැකකරු තුවාල සහිත ශිෂ්‍යාව මුහුදට තල්ලූ කොට පලා යෑමට සූදානම් වී තිබේ. මේ අවස්ථාවේදී ක‍්‍රියාත්මක වූ පිරිසක් ඔහු ලූහුබැඳ ගොස් අල්ලා පොලිසියට භාරදී තිබිණි.

යාපනය පොලීසිය සැකකරුගෙන් ප‍්‍රශ්න කළ අවස්ථාවේදී හෙළි වී ඇත්තේ ඔවුන් දෙදෙනා විවාහ වී සිටි බවත් එම විවාහයට වෛද්‍ය ශිෂ්‍යාවගේ මව දැඩි සේ විරුද්ධ වීම නිසා මේ දෙදෙනා අතර නිතරම ආරවුල් ඇති වූ බවත්ය.

වෛද්‍ය ශිෂ්‍යාව ඝාතනය කළ සැකකරු වන එරංග දිලිප් කුමාර නමැත්තා පොලිසියට පවසා ඇත්තේ තම බිරිඳ මේ අතරවාරයේ වෙනත් අයෙකු සමග පේ‍්‍රම සම්බන්ධතාවකින් පසුවන බවත් ඒ පිළිබඳව විමසූ අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවූ බවත්ය.