Saturday, September 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

මාරාන්තික කොරෝනා වෛරසය සිංගප්පූරුවටත් එයි

2749Views

මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මියගිය පිරිස 25දක්වා ඉහළ ගොස් තිබේ.

එරට සෞඛ්‍ය අංශ වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, ලොව පුරා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 830ක් බවට තහවුරුවී ඇති බවයි.

චීන චන්ද්‍ර නව වර්ෂ නිවාඩු සමය මේ දිනවල යෙදී තිබේ. නව අවුරුදු නිවාඩු සමයේ මතුව ඇති මෙම ගැටලුව විසඳීම සඳහා නව අවුරුදු සැමරුම් රැසක් අවලංගු කිරීමට චීනය  හා හොංකොං රාජ්‍ය කටයුතු කර තිබුණි.

මේ අතර නව කොරෝනා වෛරස ආසාදිතයෙක් සිංගප්පූරුවෙන්ද හමුව තිබේ.

2019- nCoV යනුවෙන් විද්‍යාඥයන් විසින් නම් කර ඇති නව කොරෝනා වෛරසය චීනයට අමතරව අමෙරිකාව, දකුණු කොරියාව ඇතුළු රටවල් කිහිපයකින්ද සොයා ගැණුනි.

ඒ අතරට අයත් වූ අලුත්ම රාජ්‍යය වන්නේ සිංගප්පූරුවයි.

සිංගප්පූරුව රජය අවධාරණය කර ඇත්තේ, ආසාදිත බවට හඳුනාගැණුනු පුද්ගලයා පිළිබඳ වඩාත් අවධානයෙන් කටයුතු කරන බවයි.