Saturday, September 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

''මම ජීවිතයේ කරපු ලොකුම පිංකම මේක - ආයෙ කවදාවත් සත්ව මාංශ අනුභව කරන්නේ නෑ'' ආදිවාසී නායකයාගේ බෞද්ධ ප්‍රතිපත්තිය (VIDEO)

3781Views

දඹාන ගුරුකුඹුර ආදිවාසී ගම්මානයේ විහාරස්ථානයක චෛත්‍යක් ඉදිකිරීම සඳහා මංගල ශිලා ප්‍රතිස්ඨාපනය කිරීම පසුගියදා සිදුවුනා. ඒ නෙත්.එෆ්.එම් රේඩියෝවේ මාධ්‍ය දායකත්වය සහිතවයි.එහිදී සතුටු කඳුලු හෙලමින් ඌරුවරිගේ වන්නිලඇත්තන් ප්‍රකාශ කර තිබුණේ එය තමන්ගෙ ජීවිතයේ සිදුකළ වටිනාම පිංකම බවයි.

මේ අතර ඌරුවරිගේ වන්නිලඇත්තන් ප්‍රමුඛ එම ගම්මානයේ ආදිවාසීන් ‍බෞද්ධ ආගමට දක්වන ගරුත්වය පිළිබඳව පසුගිය ඉරිදා මෙත් නෙත් පාමුල වැඩසටහනේදී සාකච්ඡාවට බඳුන් වුනා.

එහිදී වන්නිල ඇත්තන් නිර්මාංශ බවත්, ඊරියක් ඝාතනය කළ අවස්ථාවේදී එම ඊරියගේ බඩේ පැටව් සිටින ආකාරයව දැක සංවේදී වී යළි කිසිඳු දිනක කිසිම සත්ව මාංශයක් අනුභව නොකරන බව වන්නිල ඇත්තන් ප්‍රකාශ කළ බවත් ධර්ම සාකච්ඡාවේදී පූජ්‍ය කැටවල හේමාලෝක හිමියන් සඳහන් කළා.

එසේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හසළ දැනුමක් ඇති වන්නිල ඇත්තන් තමන්ගේ මවු භාෂාව අගය කරමින් එම භාෂාව කතාකිරීමද කැටවල හේමාලෝක හිමියන්ගේ ඇගයීමට ලක්වුනා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

තවත් ධර්ම දේශනා නැරඹීමට මෙතැනින් පිවිසෙන්න