Sunday, February 23, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කොරෝනා නිසා නිවසේ සිට රාජකාරි කරන්නැයි හොංකොං සමාගම් සේවකයන්ට කියයි

1774Views

ලූනාර් නව අවුරුදු නිවාඩුවෙන් පසු එළඹෙන පළමු රාජකාරි දිනය වන අද (බදාදා) දිනයේ සිට දින 14 ක කාලයක්, තම නිවාසවල රැඳී සිටිමින් රාජකාරි සිදුකරන ලෙස හොංකොං හි පෞද්ගලික සමාගම් ගණනාවක් සිය සේවකයින් හට උපදෙස් දී ඇත.

ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා පූර්ව ආරක්ෂිත පියවරක් ලෙසින් එම සමාගම් මෙම පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටී.

මේ අතර හොංකොං රජය ඊයේ නිවේදනය කර සිටියේ හදිසි සහ අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් හි නිරත සේවකයින් හැර සෙසු සියලු රාජ්‍ය සේවකයින් බදාදා (29) දින සිට පෙබරවාරි 02 දින දක්වා තම නිවෙස්වල රැඳී සිටිමින් රාජකාරිවල නිරත විය හැකි බවයි.

හොංකොං හි විනෝදාස්වාද හා සංස්කෘතික සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ සියලු විනෝද උද්‍යාන, ක්‍රීඩාංගණ සහ පුස්තකාල සියල්ල යළි දැනුම් දෙනතුරු වසා දමා ඇති බවයි. එසේම අධිකරණ කටයුතුවල සිට තැපැල් සේවය දක්වා රාජ්‍ය සේවාවන්ද මේ වන විට අත්හිටුවා ඇත.