Tuesday, August 11, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ජීවිතය ජයගන්න ඉතාලි යන්න කලින් මේ ලිපිය කියවලා ඉන්න

3069Views

හරියට ඉගෙනගෙන උඩට යන්න කැපවීම තියෙනවා නම් ඉතාලියේ ජොබ් ෂුවර් කියන්න පුලුවන් ෆීල්ඩ්ස් වලින් එකක් තමයි හොටෙල් ඇන්ඩ් හොස්පිටැලිටි (Hotel and Hospitality) නැතිනම් හෝටල් සහ සත්කාරක සේවා කියන්නේ.

මේ කියන්නේ යුරෝපයේ හොඳ හෝටලේක හොඳ ‍රැකියාවක් . මේ ක්ෂේත්‍රයේ හොඳ ඉගෙනීමක් ලබලා ඉන්පස්සේ හොඳ හෝටලේක පෝස්ට් එකකුත් අරගෙන අවුරුදු කීපෙක එක්ස්පීරියන්ස් ගන්නවා කියන්නේ ලෝකේ ඕනම රටක හොඳ ජොබ් තියෙනවා කියන එක තමයි.ඉතින් අපි මේ කියන්න යන්නේ ලංකාවේ හෝටල් සහ සත්කාරක ක්ෂේත්‍රයට අඩිය තියන්න ඉගෙන ගන්න තියන හොඳම තැන ගැන.ඒ  තමයි UET ITALIA විශ්ව විද්‍යාලය.

1993 දී සංචාරක කර්මාන්තය පිළිබඳ යුරෝපා විශ්ව විද්‍යාලය  (European university of tourism ) නමින් ආරම්භ වූ මෙම විශ්ව විද්‍යාලයේ බිහිවූ වෘත්තිකයන් 25000කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලොව පුරා සුපිරි තරු පංති හෝටල් වල ඉහළ තැන් වල සේවය කරනවා.මේ වෙන කොට UET ITALIA යන කෙටි නමින් හඳුන් වනු ලබන මෙම විශ්ව විද්‍යාලයේ ශාඛාවන් ඉතාලියේ මිලාන් , රෝමය හා පැලර්මෝ යන නගරවල  ක්‍රියාත්මක වෙනවා. ලෝකයම පිළිගත් විශ්ව විද්‍යාලයක් නිසා  UET ITALIA විශ්ව විද්‍යාලයේ පාඨමාලවන් වලට මෙරටින් බොහෝ සිසුන් එකතු වෙනවයි කියලයි ආරංචි වෙන්නේ. UET ITALIA විශ්ව විද්‍යාලයේ ලංකාවේ ශාඛාව UET LANKA නමින්  ක්‍රියාත්මක වෙනවා.

UET LANKA හඳුන්වා දී ඇති පාඨමාලා අතරින්  බොහෝ දෙනාගේ සිත් ගැනීමට සමත් වෙලා තියන පාඨමාලාවක් තමයි හෝටල් කළමණාකාරණය පිළිබඳ පාඨමාලාව. මාස 28ක පාඨමාලවක් වන මෙහි පළමු මාස 4 ලංකාවේ හදාරාලා ඉතිරි මාස 24 වැඩිදුර ඉගෙන ගන්න  ඉතාලියට යන්න ඕන. ඉතාමත් පළපුරුදු දක්ෂ  වගේම හෝටල් ක්ෂේත්‍රය පිළිබඳ හසල අත්දැකීම් ඇති ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් යටතේ මේ පාඨමාලාව ක්‍රියාත්මක වෙනවා.ඒ වගේම පාඨමාලාවේම කොටසක් විදියට ඉතාලි ඉංග්‍රීසි වැනි භාෂා පුහුණුවීම් නොමිලේම සිදු කරන නිසා බය වෙන්න කිසිම හේතුවක් නැහැ.ඉතාලියේ මේ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන්ට ලැබෙන ලොකුම දේ තමයි  UET ITALIA විශ්ව විද්‍යාලයන්ම ඉතාලියේ හෝ ලොව ඕනෑම තරු පංති හෝටල් වල රැකියා අවස්ථා ලබා ගැනීම සහතික කරන එක.ඒ නිසා  මේ පාඨමාලාවට සම්බන්ධ වුණොත් සුපිරි හෝටලයක ජොබ් එකක් ෂූවර් කියන එක අහන්න දෙයක් නෙමයි.

ගොඩක් අයට හෝටල් ක්ෂේත්‍රයේ විදෙස් අධ්‍යාපනය ලබන්න සිහිනයක් තිබුණත් අතරමග නවතින්න වෙන හේතුවක් තමයි අර්ථික අපහසුතා.නමුත් UET LANKA ඒ ගැටලුවටත් විසඳුමක් දීලා තියනවා.ඒ තමයි පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවන්න අවස්ථාව සලසාදීම .ඒ විතරක් නෙමෙයි පාඨමාලා කාලයේදී ඉතාලියේ අර්ධ කාලීන රැකියා අවස්ථා ලබාදීමත් ඔවුන් සහතික කරනවා.නිකං නෙමෙයි හොඳ පඩියකුත් එක්ක.ඉතාලියට ගිහින් ලෝකෙම පිළිගන්න පාඨමාලාවක් හදාරන අතරේ සල්ලිත් හොයන්න අවස්ථාවක් තියනවා නම් තවත් කතා මොකටද ? දැන්ම කතා කරන්න UET LANKA ආයතනයට.මේ අංකයෙන් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුලුවන් 0113 681 681

මේ පාඨමාලාවට අමතරව ,

FOOD AND BEVERAGE MANAGEMENT, HOUSE KEEPING MANAGEMENT, FRONT OFFICE MANAGEMENT,PASETRY AND BAKERY, INTERNATIONAL COOKERY වැනි පාඨමාලාද UET ITALIA විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක වෙනවා. මේ සියලු තොරතුරු ඉහති කී දුරකථන අංකයට කෝල් එකක් දීලා දැනගන්න පුලුවන්.