Friday, September 25, 2020
/ - General line - 0115112241 | - [email protected]

ජාතියේ ප්‍රතිශක්ති ප්‍රවර්ධක පානය - දීගායු නිදෝෂා 18 පංගුවේ පහසු තම්බන පේයාව

4479Views

වෛරස් රෝග සුව කිරීම සඳහා තම වෛද්‍ය ක්‍රමය තුල ප්‍රතිකාර නොමැති බව ලොව දියුණුම යැයි පිළිගැනෙන මෙන්ම සෑම රටකම පාහේ රජයේ හෙවත් මහ ජනතාවගේ බදු මුදල් කෝටි ගණන් වියදම් කරමින් පවත්වාගෙන යනු ලබන ඇලෝපතික හෙවත් බටහිර වෛද්‍ය ක්‍රමය විසින් පිළිගෙන ඇති වුවද කොරෝනා, ඩෙංගු හෝ මොනයම් වෛරස් රෝගයක් හෝ වැළඳුනද ඕනෑම රෝගියෙකු ප්‍රතිකාර සදහා ඇතුළු විය යුත්තේද එම වෛද්‍ය ක්‍රමය යටතේම පවත්වාගෙන යනු ලබන රෝහලකටම  පමණි.

එලෙස රෝහල් ගත වන රෝගීන්හට රෝගය සුව කිරීම සඳහා විශේෂ ඖෂධ කිසිවක් ලබා නොදුනද විවිධ පරීක්ෂණ අනුසාරයෙන් රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය නියාමනය කරමින් සුවය අපේක්ෂාවෙන් ඔවුන් රඳවා තබා ගනු ලබන මුත් රෝගය සුව කරන බවට කිසිදු සහතිකයක් රෝගීන්හට ලබා දෙනු නොලබයි 

මෙලෙස නේවාසිකව තබා ගන්නා රෝගීන්ගෙන් සමහරෙක් සුවය ලබා රෝහලෙන් පිට වන අතර තවත් බොහෝ දෙනෙක් මරණයට පත්වෙයි. වෛරස ගනයේ රෝගයක් වන “ඩෙංගු” රෝගයට ගොදුරුවූවන්හට  අත්වූ අවාසනාවන්ත ඉරණම පිලිබඳ කනගාටුදායක අත්දැකීම එයයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා වසංගත තත්වයක් ඇතිවීමේ අවදානම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති වාතාවරණයක් තුල මෙම රෝගයට ගොදුරු නොවී සිටීම සඳහා ජනතාව විසින් අනුගමනය කල යුතු නිශ්චිත ක්‍රියාමාර්ග මොනවාදැයි ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ මෙරට සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් නිල වශයෙන්  ප්‍රකාශයට පත් කර නොමැත.

ඒ වෙනුවට බාලාංශ පන්තියේදී ගුරුතුමිය විසින් කියා දෙන අත පය සෝදා පිරිසිදුව ආහාර ගැනීම, කිවිසුම් යාමේදී නාසය වසා ගැනීම, ලේන්සුවක් භාවිතා කිරීම, සෙනග ගැවසෙන ස්ථාන මග හැරීම ආදී සාමාන්‍ය ක්‍රියාවන් විශේෂඥ උපදෙස් මෙන්  වෛද්‍යවරුන්, සෞඛ්‍ය බලධාරීන්, මාධ්‍ය වේදීන් ආදීන් අසන්නන් සිනා ගන්වන සුළු ආකාරයෙන් ප්‍රකාශ කර සිටිති. 


ඒසේනම් කල යුත්තේ කුමක්ද ?

කාර්මික විප්ලවයත් සමග සොයාගත් පෙට්‍රෝලියම් අමුද්‍රව්‍ය වශයෙන් යොදා ආරම්භ කල බටහිර රසායනික ඖෂධ නිෂ්පාදන කර්මාන්තය බිහිවීමට බොහෝ කලකට පෙර එනම් වසර 5000 ක පමණ කාලයකට පෙර ඉන්දියාවේ බිහිව මෙතෙක්  පැවත එන  ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විසින් පරිසරයෙන් සිරුරට ඇතුළුවන ක්ෂුද්‍ර ජීවීන් වන වෛරස, බැක්ටීරියා, පුස් වර්ග, යීස්ට් වර්ග ආදී විවිධ ආගන්තුක ජීවීන්ගේ බලපෑම ශුන්‍ය කිරීම සදහා භාවිතා කලයුතු ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇත. අහාර පිසීමේදී තුනපහ හා  කුළු බඩු යන නම් වලින් හඳුන්වනු ලබන කොත්තමල්ලි, සුදුදුරු, මහදුරු , උළුහාල්, ගම්මිරිස්, ඉඟුරු, කුරුඳු , කරදමුංගු , හිඟුරු පියලි, ඉඟුරු, ලුණු , ඇඹුල් ආදී විවිධ ද්‍රව්‍යයන් භාවිතා කිරීම මගින් එවැනි ආගන්තුක ජීවීන් විනාශකිරීම හා එම ජීවීන්ගෙන් ඇතිවන තර්ජනය ශුන්‍ය කිරීමසදහා ප්‍රතිශක්තිය සිරුර තුල ප්‍රවර්ධනය කිරීම ඒ අතර වේ. එවැනි ස්වාභාවික ඖෂධ විශාල සංඛ්‍යාවක් ආයුර්වේදය විසින් පැහැදිලිව හඳුනාගෙන ඇත 

පරිසරයේ විවිධ විෂමතා හේතුවන් උත්පාදනය වන වෛරස වැනි ආගන්තුක ජීවීන් ශරීරගත වීම මගින් ශ්වසන පද්ධතිය හරහා සිරුරට ඇතුළු වී ඇතිකරන ආසාදන රෝග වලකා ගැනීම සඳහා සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාව ඇති ස්වභාවික ශාක ඖෂධ විශාල සංඛ්‍යාවක් ආයුර්වේදය විසින් හදුනාගෙන ඇත,  

විද්‍යාව මෙතරම් දියුණු තත්වයක පැවතුනද වෛරස්  රෝග සුව කිරීමේ හැකියාවෙන් යුත් රසායනික හෝ ජෛව ඖෂධයක් නිර්මානය කිරීමට තවමත් ලොව අපොහොසත්ව ඇති බව සඳහන් කිරීමට සිදුවීම  ඉතා කනගාටුදායක තත්වයකි 

ආයුර්වේදය විසින් හඳුනාගත් ස්වභාවික ප්‍රති ජීවක ගුණයෙන් හා ප්‍රතිශක්ති ප්‍රවර්ධක ගුණයෙන් යුත් උද්භීද ඖෂධ 18 ක් අනුසාරයෙන් නිදෝෂා දහ අට පංගුවේ තම්බන පේයාව නම් “ජාතියේ ප්‍රතිශක්ති ප්‍රවර්ධක පානය “  නිර්මාණය කිරීමට අප දීගායු සමාගම සමත්ව ඇති බව සතුටින් දැනුම් දෙමු. මෙම මහඟු ඖෂධය සතු අති ප්‍රබල ප්‍රතිජීවක හා ප්‍රතිශක්ති ප්‍රවර්ධක ගුණය  මගින් බාහිර පරිසරයෙන් ශ්වසන පද්ධතිය හරහා සිරුරට ඇතුළුවන වෛරස සිරුර තුල වර්ධනය වීමේ හැකියාව වළක්වනු ලබන අතර එමගින් නාසයෙන් දියර ගැලීම, පෙනහළු තුල සෙම ජනනය වීම, කැස්ස, ශ්වසන අපහසුතාවය හා  උගුරේ වේදනාව ආදිය වලක්වන අතර එමගින් ආසාදනය වූ රෝගියාගෙන් ආසාදිත බිඳිති වාතයට එක්වීමද වලකා රෝගය පැතිරවීමද ශුන්‍ය කරයි.

දීගායු නිදෝෂා දහඅට පංගුවේ පහසු තම්බන පේයාව වරකට මිලි ලීටර 150 බැගින් දිනකට තුන් වරක් පානය කිරීම මගින් රෝගයට බඳුන්වීමේ අවදානම වලකා ගැනීමට හැකියාව ලැබෙන අතර එමගින් රෝගයට බදුන්වී රෝහල් ගතවීමට සිදුවුවහොත් ප්‍රතිකාර සඳහා ඖෂධ නොමැතිකමින් ඇතිවන ජීවිත අවදානමද  වලකාගැනීමේ අවස්ථාව  උදා කර දෙයි.


පිළියෙළ කර ගන්නා ආකාරය : 

1). පැකට්ටුව විවෘත  කර ඖෂධ අඩංගු සවිවර ඇසුරුම පිටතට ගන්න.

2). එය සාස්පානක පතුලේ තබා ජලය මිලි ලීටර 1500 ක් (කෝප්ප 10 ක් ) එක කරන්න.

3). පරිමාව මිලි 750 (කෝප්ප 5 ක්) දක්වා සිදවන්න.

4). සවිවර බෑගය මිරිකා එයතුල ඇති සාරයද තැම්බූ පානයට එක්  කර ගන්න.

5). කෝප්ප 5 කට පුරවා අවශ්‍ය නම් සීනි මුසුකර දිනකට තුන් වරක් පානය කරන්න.


ඔබ වෙතටම ගෙන්වා ගන්නා ආකාරය:


දීගායු නිදෝෂා 18 පංගුවේ තම්බන පේයාව ඔබ වෙතටම කුරියර් හා සීග්‍රගාමී තැපැල් මගින් දින දෙකකින් ගෙන්වා ගත හැක. ඒ සදහා ඔබගේ ලිපිනය හා දුරකථන අංක 

0710397399, 0710397644, 0332297399, 0332297644 අමතා දැනුම් දෙන්න.

එක පැකට්ටුවක මිල රු. 50.00 පමණි. රු. 500.00 කට වැඩි ඇනවුම් බෙදා හැරීමේ ගාස්තුවකින් තොරව සීග්‍රගාමී තැපැල් සේවය මගින් ඔබ වෙතටම දින දෙකකින් ගෙනැවිත් භාර දෙනු ලැබේ.


ආපිකෝ , කාගිල්ස් , ලාෆ් හා  සියලු ආයුර්වේද ඔසුසල් වලින්ද  ලබා ගත හැක.


නිෂ්පාදනය හා බෙදාහැරීම:

සීමාසහිත දීගායු ආයුර්වේදික් ඇන්ඩ්  බොටැනිකල් ප්‍රොඩක්ට්ස් (පෞද්.) සමාගම 

අංක 43 ඒ., කොළඹ - නුවර පාර , කලගෙඩිහේන . (ඉන්ධන පිරවුම ඉදීරිපිට)