Sunday, February 23, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ආදරවන්තයින්ගේ දිනය සමරන්න එකතුවුන හැටි (PHOTOS)

1337Views

අත්තිඩියේ පිහිටි ‘මිහිදු සෙත් මැදුරේ’ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් 50 දෙනෙකු ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන් සමඟින් ඊයේ (14) දින පැවැති සුහද හමුවකට වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් එක්වුනා.

මෙම වැඩසටහන අතරතුරදී, එම විරු දරුවන් සමගින් කෘතඥතාවයෙන් හා ප්‍රීතියෙන් යුතුව ගීත කිහිපයක් ගායනා කර සෞන්දර්යාත්මක කුසලතා පෙන්වූ අතර ඔවුන් රෝද පුටු නර්තනයක් ද ඉදිරිපත් කළා. 

එසේම එම අවස්ථාව වර්ණවත් කරමින් ඔවුන්ගේ භාර්යාවන් කෙරෙහි ඇති නොමැකෙන සෙනෙහස සංකේවත් කරමින් රණක්‍ෂිතයට පත් රණවිරුවන් ඔවුන්ගේ ආදරණීය භාර්යාවන්ට රෝස මල් පොහොට්ටුවක් පිරිනමනු ලැබූ අතර ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ආබාධිත තත්ත්වයක් පැවතියද ඔවුන් සමඟින් ඇති අපිරිමිත සෙනෙහස හා එකිනෙකා තුල ඇති ලබැදියාව පෙන්නුම් කළා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.