Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

මාර්තු දෙවනදා පාර්ලිමේන්තුව විසුරුවීමට රජයේ අවධානය - මහමැතිවරණය අප්‍රේල් 25 වැනිදා..?

918Views

එළඹෙන මාර්තු මස දෙවනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇති බවත්,  අප්‍රේල් 25 වැනිදා මහමැතිවරණය පැවැත්වෙනු ඇති බවත් මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන මාසයේ 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සිදුකිරීමට ඉඩ ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් වන්නේ.
 
එසේම මහමැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වන දිනය මැයි 12 වැනිදා වීමට බොහෝදුරට ඉඩ ඇති බවද වාර්තා වන අතර පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඡන්දය පැවැත්වීමට හැකි දින සහ නාමයෝජනා දින ආදිය විමසමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉකුත් දා ලිපියක් යවා තිබෙනවා.
 
ඒ අනුව නියමිත දිනට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත්, නාමයෝජනා කැඳවීමේ දින වකවානු, ඡන්දය පැවැත්වෙන දිනය හා පාර්ලිමේන්තුව කැඳවන දිනය ආදිය අදාළ විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ඇතුළත් කළ යුතුව ඇති බැවින් ජනාධිපති ලේකම්වරයා ඒ ගැන විමසමින් එම ලිපිය  යවා ඇති බවයි වාර්තා වුනේ.