Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

කොරෝනා මරණ 2000 ත් ඉක්මවා යයි - අලුත්ම තත්වය මෙන්න

1867Views

නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද (19) වන විට 2009ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ගතවූ පැය 24ක කාලය තුළ චීනයෙන් පමණක් මරණ 132ක් වාර්තා වීමත් සමඟයි.

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වනවිට 75000 ඉක්මවා ඇති අතර ගතවූ පැය 24 තුළ චීනයේ හුබෙයි පලාතෙන් පමණක් අලුතින් එක් වූ ආසාදිතයින් ගණන 1693කි.

මේ අතර සුවය ලබා ඇති සමස්ථ රෝගීන් සංඛ්‍යාව 12000 ඉක්මවන බව වාර්තා වෙයි.

වෛරසය ව්‍යාප්ත වූ දින සිට මෙතෙක් සිදුකළ ගවේෂණ ඇතුළත් පළමු සහ විශාලතම අධ්‍යයන වාර්තාව චීනයේ සෞඛ්‍ය අංශ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ආසාදිතයින් අතරින් සියයට 80 ක් පමණ අඩු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර ඉහළම අවදානම තිබෙන්නේ වයස අවුරුදු 80ට වැඩි පුද්ගලයින්ටයි.

වූහාන්හි ප්‍රමුඛ පෙළේ රෝහලක් වන වූචැං රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලියු ෂිමින්ග් වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව චීන මාධ්‍ය ඊයේ වාර්තා කළා.