Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

එජාප කෘත්‍යාධිකාරී රැස්වීම උණුසුම් වෙයි - හිටපු ඇමැතිවරෙයක් සාමාජිකයන්ට ගහන්නත් ගිහින් - විස්තරේ මෙන්න

2209Views

ඉදිරි මහ මැතිවරණයට තරග කළ යුත්තේ අලියාගෙන් ද හංසයාගෙන් ද යන්න සම්බන්ධයෙන් ඊයේ (19 දා) පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.

ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නවීන් දිසානායක, පාලිත රංගෙ බණ්ඩාර, දයා ගමගේ, වජිර අබේවර්ධන, රුවන් විජයවර්ධන යන මහත්වරුන් ඇතුළු කිහිපදෙනකු අලියාගෙන් තරග කළ යුතු බවට ප‍්‍රකාශ කිරීම නිසා එම රැස්වීම උණුසුම් වී ඇති අතර ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු වන රවීන්ද්‍ර සමරවීර මහතා මෙහිදී ඇතැම් සාමාජිකයන්ට පහරදීමට ද උත්සාහ කර තිබේ.

මෙහිදී අලියා ලකුණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් දක්වමින් රුවන් විජයවර්ධන මහතා කියා ඇත්තේ එය සිංහල බෞද්ධ ජනතාවට වඩා සමීප ලකුණක් බවයි. පක්‍ෂයේ පාට වන කොළ පැහැයෙන් කෘෂිකර්මාන්තය නියෝජනය වන බව ද හෙතෙම එහිදී පවසා ඇත.

නවීන් දිසානායක මහතා ද කියා ඇත්තේ තමන්ට තම දිස්ත‍්‍රික්කයෙන් හෝ අලියා ලකුණින් තරග කිරීමට ඉඩ දෙන ලෙසය.

කෙසේ වෙතත් ලකුණ සම්බන්ධව ගැටලූව විසඳීමට පත් කළ දස පුද්ගල කමිටුව හංසයාගෙන් තරග කිරීමට තීරණය කර අවසන් බැවින් ඒ සම්බන්ධව පවතින නීතිමය තත්ත්වය සොයා බලන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත.

ඒ අනුව අවසානයේදී මැතිවරණ කොමිසමේ සභාපති හමු වී හංසයා සලකුණ භාවිත කිරීම සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය විමසීමට තීරණය කර තිබේ.