Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

ඇමති සනත් නිශාන්ත වස බොන්න යයි

6412Views

අද සමහරු දේශපාලන වාසි ගන්න කියනවා මම පිටරටින් මාළු නැව් ගේන්න සම්බන්ධයි කියලා . ඒක ඔප්පු කලොත් මම වස බොන්න ලෑස්තියි ලෙස රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.  

සමස්ත ලංකා  බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් වර්තමානයේ පවතින ගැටලු සම්බන්ධව වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශ්යේදී  රාජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති  සාකච්ඡාවදී හෙතෙම මේ බව පවසා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

''පසුගිය වසර හතර පහ තුළ ධිවර සංස්ථාව විනාශ කරල ධිවර සංස්ථාව මරලා දැම්මා. ධීවර සංස්ථාව අපේ ධීවරයාට ලක්ෂ  7,400 ක් ණයයි. සංස්ථාවට එන්න තියෙන මුදල ලක්ෂ2200 ක්, එකෙන් ලක්ෂ එක්දහස් පන්සියයක් බොල් ණය.  

ලංකාවේ තියෙන නීතිය අනුව බහුදින යාත්‍රා එහෙම නැත්නම්  නෞකා දේශීයව වශයෙන් ව්‍යාපාරිකයන්ට ගේන්න තහනම් කරලා කියලා නීතියක් නෑ. ඒත් මේ නීතිය අස්සේ තමයි මෙයාල රිංගලා  නැව් ගේන්නේ .

එවකට රාජිත සේනාරත්න ඇමතිතුමාට මේ චෝදනාව තිබුණා. ඔහු ඔහුගේ ලේකම්වරයෙකුගේ නමින් තමයි ඒ නැව් ආනයනය කරලා තිබුණේ. ලේකම්වරයාට ලොකු සල්ලියක් තිබුණෙ කෙනෙක් නොවේ. මොනවා හරි උපක්‍රමයක් භාවිතා කරලා පිටරට සමාගම් වල නැව් දේශීය වශයෙන් ලියාපදිංචි කරලා ලංකාවට ගෙනල්ලා තියෙනවා. 

ඒ වගේම ඊයේ පෙරේදා ධීවර ජනතාව අපට කතා කළා මෙහෙම නැව් ඇවිල්ල තියෙනවා කියලා. ඉතාමත් පැහැදිලිව කියන්න ඕන මේ ආපු නැව් මම වත් එහෙම නැත්නම් අපගේ ඩග්ලස් දේවානන්ද අමාත්‍යතුමාගේ අමාත්‍යධුරය කාලෙවත් අපි සංවිධානය කරලා අපි ආනයනය කළ නැව් නෙවෙයි. නැවක් ලේසියෙන් ගේන්න බෑ. මම ඒක පැහැදිලිව දන්නවා. මම තමයි රාජිත සේනාරත්න මහතාගේ නැව් අටක් තියෙනවා කියලා ඒ පරීක්ෂණය සම්බන්ධවව පැමිණිල්ල ඉදිරිපත් කළ කෙනා. ඒ නැව් ආනයනය කළ ලිපිගොනුව මගේ අතේ තියෙනවා. කොහොමද ලිපිගොනු සකස් කළේ කියලා, පළමුව මෙයාල    ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් අනුමත කරල තියෙනවා. 

ඒ ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතිය හරහා තමයි නැව් ආනයනය කරලා තියෙන්නේ. ඒ අනුව ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් අනුමත කරන්න ලංකාවේ සාමාන්‍යයෙන් පැයෙන් දෙකෙන් බෑ මාස හතක් අවුරුද්දක් මහන්සි වෙන්න ඕන. මේ ඇවිල්ලා තියෙන නැව් ටිකත් එහෙම ඒවා. මම අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙනල්ලා ඇහුවා කොහොමද නැව් ගෙනාවෙ නැව් වල අයිතිකාරයෝ කවුද කියලා. ඒ ගැන කතා කරද්දී ජා- ඇල ප්‍රදේශයේ ඉන්න ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර යාත්‍රා හිමි කෙනෙකුගේ නමින් මේ නැව්  ගෙනල්ල තියෙන්නෙ. 

එතනදි අපේ රට ඇතුලෙ තියෙන නීතිය  අස්සෙ මේ නැව් ගේන එක නතර කරන්න නීතියක් නෑ. ඊට ප්‍රධාන හේතුව තමයි අපි නතර කරන්න ඕන නම් රට ඇතුලේ අතිරික්ත නිෂ්පාදනයක් තියෙන්න ඕන. එසේ තියෙනවනම් විතරයි නතර කරන්න බැඳිලා ඉන්නේ. නතර කළ යුත්තේ. මෙතනදී අපට තිබෙන ප්‍රශ්නය තමයි අපි අස්වැන්න වැඩි කරන ක්‍රමයට යන්න ඕන'''