Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

කඩවත පොලිස් කොස්තාපල් ඝාතනය සම්බන්ධ‍යෙන් ''බන්ටි'' පොලිසියට කොටුවෙයි

6564Views

 

කඩවත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට අදාළ සිද්ධියට සැක පිට බන්ටි නැමති සැකකරු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් ලද තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුනේ.

මෙලෙස අත්අඩංගුවට ගත් බන්ටි නැමැත්තා අදාළ පොලිස් කොස්තාපල්වරයා අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියන කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා බවද සඳහන්.  එසේම පොලිස් කොස්තාපල්වරයා සමඟ අනියම් සබඳතා පැවැත්වූ තම ලොකු අම්මාගේ උපදෙස් මත මෙම ඝාතනය සිදුකළ බව ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් සුද්දා නැමති සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණා. 

මීට අමතරව පැහැරගෙන යාම සඳහා භාවිතා කළ ත්‍රීරෝද රථය, ඝාතනය සඳහා යොදා ගත් කඩු දෙකක්, ජංගම දුරකථන 5ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද පන්නල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.