Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

මාතර - මත්තල අධිවේගය හෙට ජනතා අයිතියට - අධිවේගී මාර්ගයේ මුදල් අයකරන අයුරු මෙන්න

3020Views

දක්ෂිණ අධිවේගයේ දිගුවක් වන  මාතර සිට මත්තල දක්වා වන කොටස ගාස්තු අය කරන මහා මාර්ගයක් බවට ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම කොටස 23 (හෙට) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දක්ෂිණ අධිවේග මාර්ගයේ ගාස්තු අයකිරීම පහත පරිදි වේ.

ඇක්සල් දෙකක් හා රෝද 4ක් ඇති වාහන සදහා

කෙට්ටාවේ සිට මත්තල - රුපියල් 750

කඩවත සිට මත්තල - රුපියල් 850

කටුනායක සිට මත්තල - රුපියල් 950

ඇක්සල් දෙකක් හා රෝද හයක් ඇති වාහන

කෙට්ටාවේ සිට මත්තල - රුපියල් 1400

කඩවත සිට මත්තල - රුපියල් 1500

කටුනායක සිට මත්තල - රුපියල් 1800

ඇක්සල දෙකකට වැඩි වාහන

කෙට්ටාවේ සිට මත්තල - රුපියල් 2400

කඩවත සිට මත්තල - රුපියල් 2650

කටුනායක සිට මත්තල - රුපියල් 3000