Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

මහ මැතිවරණයට මා සමග තරඟ කරන්න එන්න - සජිත් ශ්‍රීලනිපයෙන් ඉල්ලයි

787Views

තමන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරි මැතිවරණයට තරඟ වැදීම සඳහා සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පිවිතුරු රටක්, පවිත්‍ර දේශයක්, නිර්මල රාජ්‍ය පාලනයක් උදෙසා තම පෙරමුණ සමඟ එක්වෙන්නැයි එම පක්ෂය නියෝජනය කරන සියලු පාර්ශවයන්ට ආරාධනා කරන බවද ඔහු සදහන් කලේය.

අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම ආරාධනය කළේය.